දයා සරණින් අම්පාරේ සාමාන්‍ය පෙළ සම්මන්ත‍්‍රණ

October 26, 2015

දයාසරණ සංවර්ධන පදනම මගින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන උපකාරක සම්මන්ත‍්‍රණ වැඩසටහන් මාලාව ඊයේ අාරම්භ විය.

අම්පාර දයා ඇපරල් ශ‍්‍රවණාගාරයේ දී පැවති මෙම සම්මන්ත්‍රණය සදහා අම්පාර අධ්‍යාපන කලාප‍‍යීය පාසල් වලින් ළමුන් 800 කට වැඩි පිරිසක් සහභාගීව සිටියහ. සම්මන්ත්‍රණය ගණිත ගුරු උප‍ෙද්ශක ශාන්ත පුෂ්පකුමාර මහතා විසින් ‍මෙහෙයවනු ලැබීය.

‍ෙමහි දෙවන සම්මන්ත‍්‍රණය පැවැත්වීමට නියමිතව ඇත්තේ, ඔක්තෝබර් 28 වැනිදා මහඔය කැප්පෙටිපොළ විදුහල් ශ‍්‍රවණාගාරයේ දී ය.

ඔක්තෝබර් 29 වැනිදා පදියතලාව ජාතික පාසල් ශ‍්‍රවණාගාරයේ දී ද, ඔක්තෝබර් 31 වැනිදා දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශාලාවේ දී ද නොවැම්බර් 04 වැනිදා ලාහුගල උල්ල සිංහල මහා විද්‍යාලයේ දී ද උපකාරක සම්මන්ත‍්‍රණ පැවැත්වේ.

දයා සරණ සංවර්ධන පදනම යනු ඇමති දයා ගමගේ සහ නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ දෙදෙනාගේ පෞද්ගලික අනුග‍්‍රහය යටතේ පවත්වාගෙන යන සමාජ සුභසාධන සංවිධානයකි.

– භාරත ප‍්‍රභාෂ්වර

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p