යුක්රේනයේදී ලෙනින් ඩාර්ත් වේඩර් වෙයි

October 25, 2015

ස්ටාර් වෝර්ස් චිත‍්‍රපට මාලාවේ එන දුෂ්ට රජු වන ඩාර්ත් වේඩර් පිළිබඳ යුක්රේන වැසියන්ගේ ඇති උමතුව නව මානයක ළගාවී තිබේ.

ඒ ඔඩෙස්සාහි පිහිටා තිබූ ලෙනින් ප‍්‍රතිමාවක් ඩාර්ත් වේඩර් ප‍්‍රතිමාවක් බවට පෙරළීම සමගිනි.

ඔඩෙස්සා කම්හලක පිහිටුවා තිබූ මෙම පිළිරුව කියෙව් බලධාරීන් විසින් දියත් කළ කොමියුනිස්ට් විරෝධී ව්‍යාපාරය තුළදී විනාශ කෙරිණි.

නමුත් කම්හලේ සේවකයින්ගේ හා ප‍්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත එය පුනරුත්ථානය කරන ලදී.

මෙය ඩාර්ත් වේඩර් බවට පත්කළ යුක්රේන කලාකරු ඇලෙක්සැන්ඩර් මිලොව් මේ වසරේදී ඇමරිකාවේ නෙවාඩාහි පැවති බර්නින් මෑන් සිනමා උළෙල නියෝජනය කළ සජීවීකරණ ශිල්පියෙකි.

ජිප්සම් වලින් නිපදවා ඇති ලෙනින් ප‍්‍රතිමාව කාලයාගේ ඇවෑමෙන් බිඳෙන සුළු බවට පත්ව තිබූ නිසා එය විශේෂ ආලේපයකින් ශක්තිමත් කිරීමට ඔහුට සිදුවූ බව පැවසේ.  ඉන් අනතුරුව ඔහු ලෙනින් ඩාර්ත් වේඩර්ගේ ඇඳුමින් සරසවා ඇත.

හෙල්මටයකින්ද සමන්විත මෙම ඇඳුම් ආයිත්තම් කට්ටලය ටයිටේනියම් මිශ‍්‍ර ලෝහයකින් නිමවූවකි.

යුක්රේන වැසියන් ඩාර්ත් වේඩර් උමතුවකින් පෙළෙන අතර ඔහු යුක්රේන අන්තර්ජාල පක්‍ෂයේ නායකයා ලෙසද නම් කර තිබේ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p