උපාලි කොඩිකාරට ඇප ලැබෙයි!

October 22, 2015

පොලීසියේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ඇප මත නිදහස් කර තිබේ.

බස්නාහිර පළාත් මන්ත්‍රීවරුන් පිරිසක් මැලේසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බැවින් ඒ සඳහා උපාලි කොඩිකාර මහතාටද අවස්ථාවක් ලබාගනු පිණිස ඇප ලබාදෙන්නැයි මන්ත්‍රීවරයාගේ නීතිඥයා විසින් අධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් රු.10,000 ක මුදල් ඇපයක් හා රු.ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත සැකකාර කොඩිකාර මන්ත්‍රීවරයා නිදහස් කිරීමට නියෝග කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p