ඉස්තාන්බුල් නුවර ISIS ළමා සටන්කාමීන් පුහුණු කරන කඳවුරක්

October 22, 2015

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිදුකළ වැටලීමකින් ISIS සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන විදේශිකයින් ගණනාවක් එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

තුර්කියේ විශාලතම නගරය වන මෙහි නැගෙනහිර පෙන්ඩික් දිස්ත‍්‍රික්කය තුළ මෙම විශේෂ වැටලීම සිදුකර ඇති අතර ඒ සඳහා හෙලිකොප්ටරයක්ද සහභාගී වී ඇත.

මෙය ඔක්තෝබර් 10වනදා තුර්කි වැසියන් 100කට පමණ මරු කැඳවමින් අන්කාරා නුවරට එල්ලවූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු සිදුකෙරෙන ත‍්‍රස්ත විරෝධී මෙහෙයුම් මාලාවේ පියවරක් බව පැවසේ.

නිවාස 18ක් වැටලූ පොලිස් නිලධාරීහු පුද්ගලයින් 53 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් 24 දෙනෙකුම වයස අවුරුදු 18ට අඩු බාලවයස්කරුවන් වීම විශේෂත්වයකි.

ඔවුන් සියලූ දෙනාම ටජිකිස්ථාන හා උස්බෙකිස්ථාන වැසියන් වන අතර තුර්කිය තුළට නීතිවිරෝධීව ඇතුළු වී තිබේ.

මෙතෙක් සිදුකර ඇති ප‍්‍රශ්න කිරීම් වලින් හෙළිව ඇත්තේ සෙසු සැකකරුවන් පිරිස විසින් බාලවයස්කරුවන්ට සංවිධානය තුළ ක‍්‍රියාකිරීමට අවශ්‍ය පුහුණුව ලබාදෙමින් සිට ඇති බවයි.

රැඩිකල් ඉස්ලාම් දහම, මූලධර්මවාදී දෘෂ්ටිවාදයන් හා ISIS පාලන ප‍්‍රදේශ තුළ විසීමට අවශ්‍ය නීති රීති මෙලෙස බාලවයස්කරුවන්ට උගන්වා ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p