ඉන්දීය ධීවර යාත්‍රා සියල්ල රාජසන්තක කරනවා

October 20, 2015

මෙරට අත්අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා සියල්ල රාජසන්තක කිරීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම තුළින් මත්ස්‍ය සම්පතට බරපතළ හානියක් සිදුවන බවයි.

කහඳමෝදර මිරිදිය ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉන්දු – ලංකා ධීවර ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p