උපාලි කොඩිකාර රිමාන්ඩ්

October 20, 2015

අත්අඩංගුවට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අදාළ නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි බරපතළ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව වෙත පසුගිය සිකුරාදා පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරිම සම්බන්ධයෙන් උපාලි කොඩිකාර මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය පැවසුවේ මිට පෙර අධිකරණ නියෝග නොතකා අල්ලස් හෝ දුෂණ කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරතවීම හේතුවෙන් සැකකරු ඇප මත නිදහස්ව සිටින අයෙකු බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p