රුසියානු යානා ISIS අල්ලාගත් මිසයිල පද්ධතියක් විනාශ කරති

October 16, 2015

ISIS ත‍්‍රස්තවාදීන් සතුව පැවති ගොඩබිමේ සිට ගුවන් ඉලක්ක වලට පහරදෙන මිසයිල පද්ධතියක් විනාශ කිරීමට රුසියානු ප‍්‍රහාරක යානා සමත්ව ඇත.

9K33 ඔසා කෙටි පරාස ගුවන් ආරක්‍ෂණ මිසයිල පද්ධතිය මින් පෙර ත‍්‍රස්තයින් විසින් සිරියානු හමුදාවෙන් අල්ලා ගන්නා ලද්දකි.

දමස්කස් ආසන්නයේ නැගෙනහිර ඩූමාහි සගවා තිබූ මෙය සුකොයි Su-34 ප‍්‍රහාරක යානයක් විසින් විනාශ කළ බව රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශක ඉගෝර් කොනෂෙන්කොව් පවසා තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ යානයෙන් එල්ල කළ බෝම්බය විසින් එය රහසිගතව රඳවා පැවති කොන්ක‍්‍රීට් ගොඩනැගිල්ල සමග ඔසා මිසයිල පද්ධතියද විනාශ වූ බවයි.

ගෙකෝ ලෙස නේටෝ සංවිධානය විසින් හඳුන්වන මෙය ඉතාමත් ජංගමශීලී මිසයිල ලෝන්චරයක් වන අතර පාබල හමුදාවන් සතුරු ගුවන් යානා ප‍්‍රහාරයකින් ආවරණය කළ හැකි කෙටි දුර මිසයිල 6කින් එය සන්නද්ධව පවතී.

දිනය තුළ රුසියානු ප‍්‍රහාරක යානා විසින් පියාසැරි වාර 33ක් සිදුකළ අතර ඉඞ්ලිබ්, හාමා, දමස්කස්, අලෙප්පෝ හා ඩෙයිර් එස් අසෝර් ප‍්‍රාන්තවල ISIS ඉලක්ක 32ක් විනාශ කර තිබේ.

මේ අතර ISIS ත‍්‍රස්තවාදීන් සිය ස්ථානවලින් පසුබසිමින් වෙනත් ස්ථාන හා සැපයුම් මාර්ග වෙනස් කරගනිමින් සිටින බවද කොනෂෙන්කොව් පවසා ඇතැයි වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p