රේගු ලොක්කන් තුනක් ලක් ඉතිහාසයේ ලොකුම පගාව ගනිද්දී අත්අඩංගුවට ගනී..

October 15, 2015

එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම අල්ලස් මුදල ලබා ගත්තේ යයි සැකපිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් රේගු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් කෝටි 12.5 ක මුදලක් අල්ලස් ලෙස ගත්තේ යයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නි‍යෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී. පෙරේරා යන පුද්ගලයින්ය.

ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් විදේශයකින් ගෙන්වන ලද අමතර කොටස් තොගයකින් රේගුවට අයවිය යුතු තිබූ රු. මිලියන 1500 පමණ මුදල අය නොකැර මුදා හැරීමට නම් රු. මිලියන 150ක අල්ලසක් ඉල්ලා එය රු. මිලියන 125ක් දක්වා අඩු කර ඇත.

පසුව එකී මුදල ලබාදෙන බව හඟවා අල්ලස් කොමිසමේ නිලධාරීන් කැටුව ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p