මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ්

October 15, 2015

වරෙන්තු ලබා සිටි පුත්තලම දිස්ත්‍රීක් සන්ධාන මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය හමුවට නියමිත වේලාවට නොපැමිණීම සම්බන්ධයෙන් ඔහුට එසේ වරෙන්තු නිකුත් කර තිබිණ.

1999 ජනාධිපතිවරණ දින ආරචිචිකට්ටුව ජන්ද මධ්‍යස්ථානයක ඇති වු සිද්ධියක් සමිබන්ධයෙන් එම චෝදනාව එල්ල වී තිබුණි.

ඔහු එවකට ආරචිචිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ  පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර හෙතෙම තවත් අයෙකු සමග ජීව උණ්ඩ පහක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබිණ.

ඒ අනූව එකී නඩුව පසුගිය 25 වන දින විභාගයට ගත් අවස්ථාවේ මන්ත්‍රීවරයා අධිකරණයට පැමිණ නොසිටි අතර  අද (15) මෝසමක් මගින් ඔහු ඉදිරිපත් වූ අවස්ථාවේ හෙට දක්වා රිමාන්ඩ් කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p