VEZEL 590,000 කින් නගී.

October 14, 2015

රේගු බදු වැඩිකිරීම නිසා සුසුකි, හොන්ඩා සහ නිසාන් මෝටර් රථවල මිල ගණන්ද විශාල ලෙස වැඩිවී තිබේ.

මේ අනුව, HUSTLER HYBRID 650 CC රථයක මිල රුපියල් 273,000 කින් වැඩිවී තිබෙන අතර WAGON R HYBRID 650 CC රථයක මිල රුපියල් 210,000 කින්ද,
EVERY PETROL VAN 650CC රථයක මිල රුපියල් 875,000 කින්ද, EVERY 2015 VAN 650CC රථයක මිල රුපියල් 525,000 කින්ද වැඩිවී ඇත.

මීට අමතරව, FIT HYBRID 1330 CC රථයක මිල රුපියල් 463,000 කින්ද, SHUTTLE HYBRID 1330CC රථයක මිල රුපියල් 804,000 කින්ද, FREED HYBRID 1490 CC රථයක මිල රුපියල් 727,000 කින්ද, FIT HYBRID 1490 CC රථයක මිල රුපියල් 330,000 කින්ද වැඩිවී ඇතැයි අනාවරණය වේ.

එසේම, FIT HYBRID 1490 CC රථයක මිල රුපියල් 812,000 කින්ද, FIT HYBRID 4W 1490 CC රථයක මිල රුපියල් 694,000 කින්ද, SHUTTLE HYBRID 2015 1490 CC රථයක මිල රුපියල් 528,000 කින්ද VEZEL HYBRID 1490 CC රථයක මිල රුපියල් 590,000 කින්ද වැඩීවී ඇත.

අනාවරණය වන ආකාරයට VEZEL HYBRID 4W 1490 CC රථයක මිල රුපියල් 638,000 කින්ද, GRACE HYBRID 1490 CC රථයක මිල රුපියල් 708,000 කින්ද,
X‐TRIAL HYBRID 1990 CC රථයක මිල රුපියල් 490,000 කින්ද X‐TRIAL HYBRID 4WD 1990 CC රථයක මිල රුපියල් 490,000 කින්ද වැඩිවී තිබේ.

මෙම මිල වැඩිවීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු පහත පරිදිය.

hfhfh

– biz.adaderana.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p