මුදල් නෝට්ටු මුද්‍රණයේදී ජනපතිගෙන් උපදෙසක්

October 11, 2015

මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේදී මින් ඉදිරියට දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට හඳුනාගැනිමට හැකි සලකුණු සහිතව මුද්‍රණය කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහ බැංකුව වෙත උපදෙස් ලබාදී තිබේ.

මහ බැංකු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ජනාධිපතිවරයා මෙම උපදෙස්  ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දැනට වසර 04 ක පමණ කාලයක සිට නිකුත් කරන මුදල් නෝට්ටුවල දෘශ්‍යාබාධිතයින්ට හඳුනා ගැනීමට සලකුණු නොමැති බැවින් තමන් මහත් අපහසුතාවයකට පත්වන බව දෘශ්‍යාබාධිත උපාධිධාරි සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p