අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංචාරක ප්‍රවර්ධනයට යොදාගන්නවා

October 11, 2015

මෙරට ඇති අභ්‍යන්තර ගුවන් තොටුපොළ සිවිල් ජනතාවගේ පරිහරණයට සහ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අද පෙරවරුවේ මඩකලපුව ගුවන් තොටුපලේ ඉදිකිරිම් කටයුතු පිළිබඳව සොයා බැලීමට එහි ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව  ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේය.

මඩකලපුව ගුවන් තොටුපල  විවෘත කිරිමෙන් අනතුරුව පාසිකුඩා මුහුදු තීරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය සිදු කෙරෙන ප්‍රදේශවලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනිමට හැකි වන බවත්, ඒ තුළින් රටේ ආර්ථික සංවර්ධනයට සිවිල් ගුවන් සේවයෙන් දායකත්වයක් ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා එහිදි අවධාරණය කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p