පිම්පියො, අහිකුණ්ටිකයො, වාඩිවෙනව අයිසෙ

October 9, 2015

අද ඇරඹි පාර්ලිමේන්තු සැසිවාරය ඇති වූ උණුසුම් තත්වයක් මත කල් තබන්නට කථානායකවරයාට සිදු විය.

මෙම උණුසුම් තත්වය ඇති වූයේ මහ බැංකුවේ නිලධාරීන් 100ක් පමණ එක වර මාරු කිරීම ගැන වූ ප‍්‍රශ්ණයක් හේතුවෙනි.

මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් මේ සම්බන්ධවෙයන් වූ ලිපියක් සභාගත කිරීමට යාමේදී ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වූ විරෝධය මත මෙම නොසන්සුන්තාවය ඇතිවිය.

ජාතික රූපවාහිනිය විසින් අද දින සිට පාර්ලිමේන්තුව සජීවීව විකාශය කිරීම ආරම්භ කර තිබුණද පැවති තත්වය මත එය තවතන්නට සිදු විය.

අදාල යෝජනාවට පිලිතුරු දෙමින් අගමැතිවයරයා අදහස් පල කරද්දී ඊට විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගේ සිදු වූ බාධා කිරීම් නිසා අහිකුන්ඨිකයියෝ, වාඩිවෙනවා අයිසෙ ආදී වචනද ඊට එක් කලේය.

‘මෙතන ඉන්නපිම්පියෝ’ යයිද අගමැතිවරයා කී අතර ඊට විපක්‍ෂයෙන් දැඩි විරෝධය එල්ල වුයේ පාර්ලිමේන්තුවට නුසුදුසු වචනයක් බැවින් ඉල්ලා අස්කර ගන්නා ලෙසයි.

https://youtu.be/gWCXCiIp174

Sammy

Previous story Next story

Leave a comment

t

o

p