රුසියානු ගුවන් ප‍්‍රහාර ISIS පුහුණු කඳවුරක්, විධාන මධ්‍යස්ථානයක් වනසයි.

October 3, 2015

සිරියාවේ ස්ථානගත කර ඇති රුසියානු ප‍්‍රහාරක යානා එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරක් හා අණදෙන මධ්‍යස්ථානයක් සහමුලින්ම විනාශ වී ඇතැයි වාර්තා වේ.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශය පවසා ඇත්තේ මීටර් 5000කට වඩා වැඩි උසක සිට එල්ල කළ ප‍්‍රහාරය ඉතාමත් නිවැරදි ලෙස ඉලක්කයට ළගාවූ බවයි.

මේ සඳහා රුසියානු නිෂ්පාදිත සුකොයි SU-25 සහ SU-34 ප‍්‍රහාරක යානා සහභාගී වූ බව රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් පවසා තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ මෙම ප‍්‍රහාරක යානා සතු ඉලක්ක කිරීමේ පද්ධති විසින් පොළොවේ ඇති ඉලක්ක වලට ඉතාමත් නිවැරදිව පහරදීමට ඇති හැකියාව සිරියානු ප‍්‍රහාර වලින් ඔප්පු කෙරුණු බවයි.

අලෙප්පෝ ප‍්‍රාන්තයේ පිහිටා තිබූ ISIS ක්‍ෂේත‍්‍ර කඳවුරක් මෙන්ම ඉඞ්ලිබ් ප‍්‍රාන්තයේ මූල්‍ය කටයුතු මධ්‍යස්ථානයක් හා හාමා ප‍්‍රාන්තයේ අණදෙන මධ්‍යස්ථානයක්ද රුසියානු ගුවන් යානා විසින් විනාශ කර ඇතැයි වාර්තා විය.

මේ අතර රුසියානු ප‍්‍රහාර වලට සිරියාවේ සාමාන්‍ය ජනතාව ජීවත්වන ප‍්‍රදේශද ඉලක්ක වූ බවට පළවූ වාර්තා කිසිදු පදනමක් නොමැති අසත්‍යයන් බව පවසා ඇති කොනෂෙන්කොව් ඒ පිළිබඳ සාකච්ඡවට ගැනීමට හෝ නොවටිනා බවද සඳහන් කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p