ඇමරිකානු උපාය පරදවන්න රටක්‌ ලෙස කෙළින් සිට ගන්න

September 30, 2015

ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය හරහා ඇමරිකානු ආධිපත්‍යයට අප රට පත් කිරීමට හදන ක්‍රියාවලිය පරාජය කිරීමට අන්තිම පැය කීපය තුළදී හෝ රටක්‌ හැටියට කෙළින් හිට ගන්නා ලෙස ආණ්‌ඩුවට බල කරන බව ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (29 දා) පෙරවරුවේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මෙම මාධ්‍ය හමුවට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්‌ස විතාරණ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, දේශ විමුක්‌ති ජනතා පක්‍ෂයේ නායක පී. එම්. පොඩි අප්පුහාමි, විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම යන මහත්වරු ද එක්‌වූහ.

මේ සම්බන්ධව සත්‍ය තොරතුරු තිබියදී ආණ්‌ඩුව එම සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පැනගොස්‌ රටට එරෙහිව ප්‍රතිවිරුද්ධ ඇමරිකානු යෝජනාවලියට හවුල්වීම මේ රටේ සිදුවූ විශාලතම පාවාදීම බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඇමරිකාව ප්‍රධාන ජාත්‍යන්තරය රටේ අභ්‍යන්තරයට ඇතුළු වීමට ආරම්භ කරන මේ ගමන ඉතා භයංකාර බවත් මෙය රටේ ස්‌වාධීනත්වයට ස්‌වෛරීත්වයට සහ ජාතික නිදහසට තර්ජනයක්‌ බවත් හෙතෙම කීවේය.

විදේශ ඇමැතිවරයාත් තමනුත් ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාවේ හවුල්කාරයෙක්‌ ලෙස එක්‌වෙමින් එකම යෝජනාවක්‌ ශ්‍රී ලංකාවට විරුද්ධව අද (30 දා) ඉදිරිපත් කෙරෙන බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන බව පැවැසූ දිනේෂ් ගු=ණවර්ධන මහතා තමන්ගේ රටට එරෙහිවීමේ මෙවැනි දෙයක්‌ මෑත කාලයේදී තමන් ජාත්‍යන්තර ක්‍ෂේත්‍රයේ දැක නැති බව පැවසීය.

මෙය රටට ඉතාම අනතුරුදායක විපතක්‌ පමණක්‌ නොව ජාතියේ අනාගතය පිළිබඳ ඉතාම ෙ€දජනක යෝජනාවක්‌ බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ රජය ජාත්‍යන්තර තර්ජන සහ කුමන්ත්‍රණවලට එරෙහිව පිළිතුරු දෙමින් මිත්‍ර රටවල සහයෝගය ලබාගෙන ක්‍රියා කළ ආකාරයට රට පැත්තේ සිට මේ ආණ්‌ඩුවත් කටයුතු කළ යුතු බව ගුණවර්ධන මහතා කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p