මාලදිවයිනේ ජනපති දිවි බේරාගනියි – බිරිඳට තුවාලයි

September 28, 2015

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යාමින් සහ ඔහුගේ බිරිඳ යමින් සිටි ඔහුට අයත් බව කියන අධිවේගී යාත්‍රාවක පිපුරුමක් සිදුව තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ අද උදෑසන සිදුව ඇති පිපුරුමෙන් මාලදිවයින් ජනාධිපතිවරයාට හානියක් සිදුව නොමැති බවයි.

ජනාධිපතිවරයාට හානියක් සිදුව නොමැති බවට ජනාධිපති ප්‍රකාශක ඊබ්‍රහිම් අලි ද තහවුරු කර ඇත.

සෞදි අරාබියේ සංචාරයක නිරතවීමෙන් පසු ඊබ්‍රහිම් නසීර් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් සිය රටට පැමිණ ඇති මාලේ ජනාධිපතිවරයා අධිවේගී යාත්‍රාවක නැගී මාලේ  අගනුවර වෙත යමින් සිටියදී අනතුර සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය.

එම බෝට්ටුවේ එංජිම පිහිටි ස්ථානයේ මෙම පිපුරුම සිදුව ඇතැයි සැකකරයි.

කෙසේ වුවද පිපුරුමෙන් පසු ජනාධිපතිවරයා පොලිස් අධිවේගී යාත්‍රාවක් මගින් රැගෙනවිත් තිබේ.

තුවාල ලැබූ කිහිපදෙනෙකු ඉන්දිරා ගාන්ධි අනුස්මරණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ දූපතේ ජැටිය අසලට ගිලන්රථ කිහිපයක් ගමන් කළ බවයි.

තුවාල ලැබූවන් අතර ජනාධිපතිවරයාගේ බිරිඳ ෆතිමාත් ඉබ්‍රහීම්, ජනාධිපති ආරක්ෂකයෙකු සහ තවත් නිලධාරියෙකු වන අතර ඔවුන් සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මාලදිවයිනේ  ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙනම දූපතක පිහිටා ඇති නිසා ඉතා කෙටි බෝට්ටු සවාරියක් මාලේ අගනුවර පිහිටි දිවයින කරා ළඟා වීමට අවශ්‍ය බව පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p