විදුලිබිඳ වැටීම ගැන වාර්තාවක් ඉල්ලුවා

September 28, 2015

විදුලිය බිද වැටීමට හේතුව සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊයේ 27රාත්‍රී දිවයින පුරා  පැය කිහිපයක් විදුලිය බිද වැටී තිබීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට කනගාටුව පළ කරන බවයි.

මධ්‍යම රාත්‍රීයේ හදිසි විදුලිබිඳ වැටීමක් සිදුවූ අතර මේ හේතුවෙන් පැය කිහිපයක් පමණ මුළු දිවයිනේම විදුලිබල සැපයුම නතර වී තිබූ බව වාර්තා විය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති  අනුර විජේපාල මහතා ද ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදු කරන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p