ජනපති – ඉන්දීය අගමැති හමුව

September 28, 2015

එක්‌සත් ජාතීන්ගේ මහා මණ්‌ඩලයේ 70 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක්‌ නුවරට ගොස්‌ සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක්‌ ඉකුත් 25 දා සිදුවිය.

එම අවස්‌ථාවේදී මෝල්ටා රාජ්‍යයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවට සහභාගිවන මෙන් එහි වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනාධිපති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත නිල ආරාධනයක්‌ ද කළේය. අනතුරුව සාර්ක්‌ කලාපයේ ප්‍රගමනයට හේතුවන කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැති සාකච්ඡා කළ අතර පසුගිය මැතිවරණ දෙකෙහි දී ලද ජයග්‍රහණයන් පිළිබඳවද ඉන්දීය අගමැතිවරයා, ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමීය. ශ්‍රී ලංකා රජයේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහාය නොපැකිළව ලබාදීමට කටයුතු කරන බව ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.

main1

Sammy

Previous story Next story

Leave a comment

t

o

p