ලෝක සංචාරක රූ රැජින තෙවැනි තැන දිනූ බුද්ධිකා ශ්‍රී ලංකාවට එයි

September 26, 2015

2015 වසරේ ලෝක සංචාරක රූ රැජින තේරීමේ තරගයේ තෙවැනි ස්‌ථානය හිමි කරගන්නා ලද කිරිබත්ගොඩ පදිංචි බුද්ධිකා හර්ෂනී රූමන් මෙනවිය ඉකුත් 23 දා දිවයිනට පැමිණියාය.

ශ්‍රී ලාංකික යුවතියක මෙම තරගාවලියකින් මෙවන් ස්‌ථානයක්‌ හිමිකර ගනු ලැබූ පළමුවැනි අවස්‌ථාව මෙයයි. ඇය ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨමාලාවක්‌ හදාරයි. ඉකුත් ඉරිදා (20 වැනිදා) ලෙබනනයේ බීරූට්‌ නගරයේදී රටවල් 36 ක සහභාගිත්වයෙන් පවත්වනු ලැබූ මෙම තරගය ‘ස්‌ටයිල් මොඩෙල්ස්‌ ඇන්ඩ් ඉවෙන්ට්‌ස්‌ මැනේඡ්මන්ට්‌’ ආයතනය මගින් සංවිධානය කරනු ලැබීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p