මැතිවරණ කොමසාරිස් පැරණි මැතිවරණ තොරතුරු ඉල්ලයි

September 23, 2015

මැතිවරණ දෙපාර්තමේන්තුවට හා මැතිවරණවලට  සම්බන්ධ පැරණි ඡායාරූප,  පැරණි නිල ඡන්ද පත්‍රිකා, ලිපි, ලේඛන, ඡන්ද පොල ප්‍රදර්ශනය කරන ලද පොස්ටර්,  ආදිය ඇත්නම් එයින් පිටපතක්  මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය මහතා මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 60 ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සැමරුම් උත්සවය සඳහා මෙම පැරණි තොරතුරු අවශ්‍යව ඇති බව හෙතෙම සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණය හා මහ මැතිවරණය සාර්ථකව නිම කර ගැනීම සඳහා දායකත්වය ලබාදුන් මහනුවර දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් ඇගයීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p