ලොකු ලූනූ බද්ද රු. 20කින් වැඩි ‍කෙරේ

September 22, 2015

දේශීය ලොකු ලූනූ අස්වනු නෙළන කාලය එළඹ ඇති බැවින් ආනයනය  කරනු ලබන ලොකු ලූනූ මත වූ ආනයනික ගාස්තුව කිලෝවකට රුපියල් 20/- කින් වැඩි කර තිබේ.

දේශීය ගොවින්ට එම අස්වැන්න සඳහා  හොද මිලක්  ලැබෙන ආකාරයට ආනයනය සීමා කිරිම  මෙහි අරමුණ බව මුදල් අමාත්‍යංශය කියයි.

සාමාන්‍යයෙන් දේශීයව වගා කරන ලොකු ලූනූ සැප්තැම්බර් – ඔක්තෝම්බර් කාල වකවානුව තුළ වෙළඳපොළට එන බැවින් මෙතෙක් ලොකු ලූනූ කිලෝග්‍රෑමයකට රුපියල් 10/- ක්ව පැවති ආනයනික ගාස්තුව අද දින සිට රුපියල් 20/- කින් වැඩි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් භාණ්ඩාගාර නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

2014 වසරේ ලොකු ලූනූ අස්වනු නෙළීම අවසන් වූ පසුව මේ සඳහා පැවති ගාස්තුව පසුගිය දෙසැම්බර් මාසයේදී කිලෝවකට රුපියල් 10/- දක්වා අඩු කරන ලදී.

දේශීය ගොවීන් ආරක්ෂා කිරීම සඳහා පසුගිය සතියේදී ආනයනික අර්තාපල් සඳහා පැවති ගාස්තුව ද කිලෝ එකකට රුපියල් 10/- කින් වැඩි කරන ලද අතර ලෝක වෙළදපොළේ සීනි මිල සීඝ්‍ර ලෙස පහළ යෑමේ වාසිය දේශීය සීනි කර්මාන්තකරුවන් වෙත ලබාදීමේ අරමුණින් සීනි සඳහා වූ විශේෂ වෙළද බද්ද කිලෝවකට රුපියල් 12/- කින් වැඩි කර තිබේ.

කෙසේ වෙතත් සීනි අලෙවි කරන සිල්ලර මිල පාලනයේ කිසිඳු වෙනසක් නැති අතර පැකට් කරන ලද සීනි කිලෝවක් සඳහා රුපියල් 95/- ක් හා පැකට් නොකරන ලද සීනි කිලෝවක් සඳහා වන උපරිම සිල්ලර මිල වන රුපියල් 88/- දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

මුදල් අමාත්‍යංශය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p