නකල්ස් බලන්න ගිය 4ක් අතුරුදන්

September 22, 2015

නකල්ස් රක්ෂිතයේ සංචාරයකට ගිය පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බවට රංගල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

පසුගිය 20 වන දින මෙම සිව්දෙනා නකල්ස් රක්ෂිතයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඊයේ රාත්‍රිය වනතුරුත් ඔවුන් යළි නොපැමිණීම හේතුවෙන් එම සිව්දෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳක් රංගල පොලීසියට මේ පිළිබඳ පැමිණිලි කර ඇත.

ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය නකල්ස් රක්ෂිතය පාමුල නිවසක දමාගොස් තිබියදී  සොයාගෙන ඇති බව  පොලීසිය  සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p