සරසවි සිසුන්ගේ නායකත්ව පුහුණු වැඩසටහන අවලංගුයි

September 15, 2015

විශ්වවිද්‍යාල සිසුන්ගේ නායකත්ව පුහුණු වැඩසටහන අවලංගු කරන බව විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහාමාර්ග ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය 12 වැනිදා මහනුවරදී පැවසුවේය.

මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමෙන් පසුව මාධ්‍ය හමුවකට එක්‌ වූ ඇමැති කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

නායකත්ව පුහුණුව අවසන් කර එ් වෙනුවට විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සඳහා ජාත්‍යන්තර භාෂා පුහුණුව ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය.

පසුගිය රජයේ උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා වූ එස්‌. බී. දිසානායක මහතාගේ යෝජනාවක්‌ පරිදි ක්‍රියාත්මක වූ නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගි වෙමින් සිටියදී සිසුන් විවිධ අපහසුතාවන්ට සහ ආබාධයන්ට පත්වූ බව ද සදහන් කෙළේය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන නායකත්ව පුහුණු පාඨමාලාව අවලංගු කිරීමට තීරණය කළ බව නව ඇමැතිවරයා පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p