ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕන

September 13, 2015

යාපනයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට හෙට දිනයේ පෙත්සමක් බාරදෙන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකරන ලෙසට බලකරමින් ආරම්භ කර ඇති පාද යාත්‍රාවට සමගාමීව එම පෙත්සම බාරදෙන බව ඒ මහතා පැවසුවේය.

පසුගිය 10 වැනිදා කිලිනොච්චි නගරයෙන් ආරම්භ කළ අදාළ පාද යාත්‍රාව අද සිව්වන දිනටත් ක්‍රියාත්මකය.

යාපනය නල්ලූර් දක්වා ගමන් කරන මෙම පාද යාත්‍රාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශීදරන් පලාත් සභා මන්ත්‍රිනි ආනන්දි ශෂිදරන් ද එක්ව සිටියි.

ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට වන තම මතය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට ඉදිරි සතියේ දී ජිනීවා බලා තමන් ඇතුළු පිරිසක් පිටත්ව යන බව  එම්.කේ.සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p