ලාංකිකයෙකු ඉන්දියාවේදී මරුට

September 5, 2015

ඉන්දියාවේ චෙන්නායි හි පොලිස් සිරමැදිරියකදී ශ්‍රී ලාංකික දෙමළ ජාතික පුද්ගලයෙකු මියගොස් තිබේ.

චෙන්නාහි පල්ලිකාරනායි පොලිස් අත්අඩංගුවේ සිටි අදාළ පුද්ගලයා අද අළුයම මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කිරීමේ ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට මෝහන් නැමැති මෙම පුද්ගලයා ඊයේ දිනයේ අත්අඩංගුවවට ගෙන තිබූ බව සඳහන්ය.

අදාළ ජාවාරම සම්බන්ධයෙන් චෙන්නායි පොලිසියේ මධ්‍යම අපරාධ කාර්යංශය සිදු කරන ලද විමර්ශනයකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.

පොලිස් සිර මැදිරිය තුළදී  හදිසියේ රෝගාතුරවී ඇති අදාළ ශ්‍රී ලාංකිකයා රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p