ජවිපෙ සමන්ත විද්‍යාරත්න FCID කැඳවයි

September 3, 2015

ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම ඉකුත් මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් තරඟ කළ සමන්ත විද්‍යාරත්න මහතාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණෙන ලෙස දන්වා ඇත.

ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම මහියංගණය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලෙස පසුගිය පාලන කාලයේ කටයුතු කළ අනුර විදානගමගේ මහතා විසින් කළ මුල්‍ය අපරාධයක් පිළිබඳව සමන්ත විද්‍යාරත්න සහෝදරයා කළ පැමිණිල්ලකට අනුව පැමිණිලි පාර්ශවයේ කට උත්තරයක් ලබාගැනීම සඳහා මෙලෙස සමන්ත විද්‍යාරත්න මහතාට හෙට (2015.09.04) පෙ.ව 9.00ට කොළඹ කොල්ලුපිටිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණෙන ලෙස දන්වා ඇති බව ජවිපෙ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p