බොන්න ඕනි නෑ ගියත් ඇති වෙරිවෙන්න

September 2, 2015

ඕස්ට්‍රේලියාවේ අලුතින්ම ආරම්භ කර තිබෙන අවන්හලක් එහි පාරිභෝගිකයන්ට මත්පැන් ආශ්වාස කිරීම හරහා මත්වීමේ අවස්ථාව ලබාදීලා තියෙනවා. මෙම සංකල්පය මීට පෙර ලන්ඩනයේ අවන්හලක් විසින් හඳුන්වාදෙනු ලැබූවක්. මේ අවන්හල ඇතුළත මත්පැන් රසැති දුම්වලින් පුරවා තිබෙනවා. ජින් සහ ටොනික් මුසු කොක්ටේල් එකක රසයෙන් තමයි මේ දුම රසගන්වා තිබෙන්නේ. මේ දුම් සහිත පරිසරයේ විනාඩි 40ක කාලයක් සිටීම මගින් මත්පැන් වඩි දෙකක මත්වීමක් ලැබෙනවලු. ඒවගේම මේ අවන්හල ඇතුලත සිටීමේදී ඇඳුම් තෙත්විමෙන් වැළකීමට එහි එන පාරිබෝගිකයන්ට ශරීර ආවරණයක් ලබාදෙනවා. නමුත් ඔබ කන්නාඩි පැළඳීමෙන් වැළකී සිටිය යුතු වෙනවා. ඒකට හේතුව ලෙස සඳහන් වන්නේ ඉතා තුනී පටලයක් සහිත ඇස් හරහා මේ දුම ආඝ්‍රහණය කර ගැනීමට ඉඩ ලබා දීම සඳහායි. 

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p