වත්කම් හෙළි නොකළ සජින්ගේ නඩුව දෙසැම්බර් 10ට කල් යයි

September 1, 2015

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ද ගුණවර්ධන මහතා ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකරන ලද නඩුව විභාගයට ගැනීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කල්තබා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබානොදීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා ඇත.

අදාළ නඩුව අද (01) කැඳවූ අවස්ථාවේදී සාක්ෂිකරුවන් අධිකරණයට නොපැමිණීම හේතුවෙන් නඩුව කල්දමන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p