නිමල්ට ප්‍රවාහනය දෙනවාට අපි විරුද්ධයි

September 1, 2015

ප්‍රවාහන ඇමතිවරයා ලෙස නිමල් සිරිපාල  ද සිල්වා පත්කිරීමේ සුදානමක් ඇති බවත්, ඊට දැඩි විරෝධය පළ කරන බවත්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තී සමිති කිහිපයක් අවධාරණය කරයි.

ජාතික දුම්රිය සේවා සමිතිය ලෙස අද පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මීට දින කිහිපයකට ඉහතදී අගමැතිවරයා සමග සාකච්ඡා කර යූඑන්පී මන්ත්‍රීවරයෙකුට අදාළ අමාත්‍යංශය බාරදෙන ලෙස ඉල්ලීමක් කළ බවයි.

ප්‍රවාහන ක්ෂේත්‍රයට පසුගිය කාලයේ මෙන්  නැවතත් කුඩම්මාගේ සැලකිලි නොදක්වන ලෙස ඉල්ලා සිටින බවත්, වැදගත් අමාත්‍යව‍රයෙක් එම අමාත්‍යංශයට නොදෙන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බවත්, ඒ මහතා එහිදී කියා සිටියේය.

කෙසේ වුවද මීට විරෝධය පළ කිරීම සඳහා හෙට පස්වරු 3.30ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන බවත්, සිය ඉල්ලීමට ඇහුම්කන් නොදුනහොත් ඉදිරියේදී වැඩවර්ජනවලට යන බවද හෙතෙම අවධාරණය කළේය.

මාධ්‍ය හමුවට එක්වූ ස්වාධීන වෘත්තීය සමිති සංගමයේ ලේකම් සම්පත් රාජිත මහතාද  පැවසුවේ ප්‍රවාහන අමාත්‍යංශය  යූඑන්පියේ කෙනෙක්ට ලබාදෙන ලෙස අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී ඉල්ලීමක් කළ බවයි.

කෙසේ වුවද පවත්නා වාතාවරණය යටතේ දෙපැත්තෙම අය ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නඩු ඉවත් කර ගනිමින් ගේම් එකක් ගහන්නේදැයි සැකයක් ඇති බවත්, මෙම සභාග ආණ්ඩු ක්‍රමය අමෙරිකාවට, එංගලන්තයට, රුසියාවට හොඳ නමුත් මෙරටට නොග‍ැලෙන බවද කියා සිටියේය.

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න ජනපතිගේ අදහසක් ඇති බවත්, මෙය අගමැතිට නො‍තේරෙන බවත්, මීට පෙරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එසේ කටයුතු කළ බවත්, හෙතෙම සිහිපත් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p