විපක්ෂනායක තනතුර සම්බන්ධන්ට දිය යුතුයි

September 1, 2015

පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතා පත් කර ගත යුතු බවට යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් සම්මත කරගෙන තිබේ.

පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ රැස්වූ එම පක්ෂයේ මන්ත්‍රීන් පිරිස අදාළ යෝජනාව සම්මත කරගෙන ඇත.

මීට පෙරද එම සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායක තනතුර ආර්.සම්බන්ධන්ට ලබාදිය යුතු බව පවසා තිබුණි.

මේ අතර එම රැස්වීමේදී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ද්‍රවිඩ සන්ධානයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද ඔවුන් විසින් පත්කරගෙන ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p