භික්ෂුණීන්ට සාධාරණය ඉටුකිරීමට මණ්ඩලයක් පත් කරන්න – ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි

August 30, 2015

ශ්‍රී ලංකාවේ භික්ෂුණින් වහන්සේලාට සිදුව ඇති මහා අපරාධයට සාධාරණය ඉටුකර දීමට නම් රජය වහාම විශ්වවිද්‍යාල බුද්ධි මතුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත් කලයුතු බව සියම් මහා නිකායේ රන්ගිරි දඹුලු පාර්ශ්වයේ මහානායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියෝ පවසති.

රන්ගිරි දඹුලු උයන්වත්ත රජමහාවිහාරයේ පසුගිය 28 වැනිදා පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් නා හිමියෝ මේ බව ප්‍රකාශ කළහ. වර්තමානයේ  භික්ෂුණින් වහන්සේලාට හැදුනුම්පතක්, අධ්‍යාපනයක්, විභාගයකට පෙනී සිටීමට ඇති අයිතිය අහිමි වීම සදහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබිණි.

ඇතැම් භිෂුන් වහන්සේලා බුදුන් වහන්සේ දේශනාකළ ධර්මයට පරිබාහිරව ගොස් භික්ෂුණි සාසනය විනාශ කිරීමට උත්සහා කිරීම තුල මේ රටේ දෙදහසකට අධික භික්ෂුණින් වහන්සේලා පිරිසකට මුලික මානව අයිතිවාසිකම් පවා අහිමි වී ඇතැයි නා හිමියෝ අවධාරණය කළහ.

නව රජයෙන් හෝ මේ තත්වය තේරුම් ගෙන උන්වහන්සේලාගේ අයිතවාසිකම් ලබාදීමට මැදිහත් වියයුතු බවත් මෙය භික්ෂුන් වහන්සේලා විසින් අනුමත කලයුතු වැඩපිළිවෙලක් නොවන බවත් මෙය මිට වසර 2600කට පෙර බුදුහාමුදුරුවන් විසින් අනුමත කල දෙයක් බවද නාහිමියෝ කියති.

පුරුෂ පක්ෂයට මෙන්ම කාන්තා පක්ෂයටද පැවිද්ද ලබා නිවන් මග සාත් සාත් කරගැනීමට අයිතිය තිබෙන බව ද ඇතැම් භික්ෂුන් වහන්සේලා ථෙරවාදී, මහායාන ආදී පවසන බවත් බුදුහාමුදුරුවෝ කුමන පාර්ශවයට අයත් දැයි නාහිමියෝ  ප්‍රශ්න කළහ.

මේ නිසා උගත් බුද්ධිමත් අයවලුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කොට කඩිනමින් සාධාරණය ඉටුකළ යුතු බවද දැනටමත් මේ පිළිබදව අධිකරණමය විසදුමකට ගොස් තිබෙන බව නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

asianmirror

Sammy

Previous story Next story

Leave a comment

t

o

p