2018 සිට ඇස්බැස්ටස් තහනම්

August 30, 2015

2018 වසරේ ජනවාරි මාසයේ සිට ඇස්බැස්ටස් සෙවිලි තහඩු ආනනය කිරීම හා නිශ්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

එසේම 2016 වසරේ ජනවාරි මාසයේ සිට පොලිතින් භාවිතයේදි දැඩි නීති පනවන බවත් ජනපතිවරයා සඳහන් කළේය.

වසර දෙකකට ප්‍රථමව මේ බව සඳහන් කළේ ව්‍යාපාරිකයන්ට ඒ පිළිබඳව දැනුවත්වීමට බවත්, මේ තිරණයට කිසිවෙකුට බලපෑම් කළ නොහැකි බවත් ජනපතිවරයා සඳහන් කළේය.

පිළිකා රෝග ඇතිවීමට ඇස්බැස්ටස් සෙවිලි තහඩු ප්‍රධාන සාධකයක් බවද ජනපතිවරයා පැවැසීය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p