ITAK විපක්ෂ නායකධූරය ඉල්ලයි

August 29, 2015

පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ප්‍රකාශනයන්ට අනුව විපක්ෂනායක ධුරය හිමිවිය යුත්තේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයාට බව දෙමළ  ජාතික සන්ධානය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පෙන්වා දෙන්නේ තම පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂය බවයි.

පසුගිය 17 වනදා පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් හිමි කර ගත් අතර දෙවනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය  වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි කර ගත්තේය.

කෙසේ වෙතත් එක්සනත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව ජාතික ආණ්ඩුවක් බිහිකරන බව මේ වන විට නිවේදනය කර තිබේ.

එබැවින් එක්සත් ජාතික පක්ෂය සමග නිදහස් සන්ධානයට ඒකාබද්ධ ආණ්ඩුවක් ලෙස කටයුතු කිරිමට සිදු වන බව පවසන දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂ වශයෙන් ද ඊට සහය පළ  කිරිමට නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන්ට සිදු වන බව  පෙන්වා දෙයි.

එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ ආසන 16 කට හිමිකම් කියන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට  විපක්ෂනායක ධුරය හිමිවිය යුතු බවයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p