සුරේෂ් සම්බන්ධන්ට දොස් කියයි

August 27, 2015

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයින් තම පක්ෂය නොසලකාහරමින් කටයුතු කරන බව ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

පසුගියදා මෙරට සංචාරයක නිරත වු අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය සමග පැවති හමුවට දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානගතව සිටින තම පක්ෂයට කිසිදු ආරාධනයක් සිදුනොකළ බව ඔහු කියයි.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කෙරෙන මන්ත්‍රී ධුර දෙක තේරීමේ දී ද තම පක්ෂයේ මතය පිළිබඳ විමසීමක් සිදුනොකළ බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පෙන්වාදෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p