මෙවර ජාතික ලයිස්තුවේ 29න් 11ක්ම පරාජිතයින් නම් කරලා

August 23, 2015

මෙවර පැවති මහ මැතිවරණයෙන් පත් කිරීමට නියමිතව තිබූ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර 29න් 11ක්ම පරාජයට පත් වූ අපේක්‍ෂකයින් නම් කර ඇති බව කැෆේ සංවිධානය පවසයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ පරාජයට පත් පුද්ගලයින් ඒ ආකාරයෙන් යලිත් පාර්ලිමේන්තු යැවීම මැතිවරණ නීතිය අනුව නීතිවිරෝධි ක්‍රියාවක් නොවූවද සදාචාරාත්මක වශයෙන් පිළිගත හැකි ක්‍රියාවක් නොවන බවයි.

මෙම මැතිවණයේදී එජානි සන්ධානය 07ක්, දෙමළ සන්ධානය 02ක්, එජාපය හා ජවිපෙ 01 බැගින් පරාජිතයින් 11 දෙනෙකු ජාතික ලැයිස්තුවලින් පාර්ලිමේන්තුවට නම් කර ඇති බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p