සන්ධාන විධායක සභාවෙන් කුමාර, පවිත්‍රා, එස්‌. එම්. ඉවතට

August 22, 2015

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ විධායක සභාව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සාමාජිකයන් තිදෙනකු ඊයේ (21) ඉවත් කර ඇත.

මෙලෙස ඉවත් කර ඇත්තේ කුමාර වෙල්ගම, එස්‌. එම්. චන්ද්‍රසේන සහ පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ය.

ඔවුන් තිදෙනා විධායක සභාවෙන් ඉවත් කළ බවට සන්ධානයේ වැඩ බලන ලේකම් විශ්වා වර්ණපාල මහතාගේ අත්සනින් යුත් ලිපියකින් දැනුම් දී තිබේ.

කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මධ්‍යම කාරක සභාවෙන්ද ඉවත් කර ඇති බව දැනුම් දී ඇත.

මෙයට ඉහතදී තමා ශ්‍රී ල.නි.ප. මධ්‍යම කාරක සභාවෙන්, දිස්‌ත්‍රික්‌ නායකත්වයෙන්, කලාවැව ආසන සංවිධායකත්වයෙන් ඉවත් කළ බවත් ඊයේ 21 දා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන විධායක සභාවෙන්ද ඉවත් කර ඇති බවට ලිපියකින් දැනුම් දුන් බවත් එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p