සන්ධාන ජාතික ලැයිස්තු 12 දෙනාගෙන් 7ක් පරාජිතයින්

August 21, 2015

එක්සත් ජනතා නිදහස් සන්ධානයද සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 12ගේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාරදී තිබේ.

එහි විශේෂත‍්වය වන්නේ පසුගිය මහමැතිවරණයෙන් පරාජය වූ 7 දෙනෙකුට ‍ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ දොර යළි විවර වීමය.

සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලැයිස්තුවට නම් කර ඇති අය පහත පරිදිය.

පහත රතු පැහැයෙන් දැක්වෙන්නේ එසේ පරාජයට පත්වූ හිටපු මන්ත්‍රීන්ය.

1. සරත් අමුණුගම,

2. ඩිලාන් පෙරේරා,

3. විජිත් විජයමුණි සොයිසා,

4. එස් බී දිසානායක,

5. මහින්ද සමරසිංහ,

6. ලක්ෂ්මන් යාපා අබේවර්ධන,

7. තිලංග සුමතිපාල,

8. අංගජන් රාමනාදන්,

9. එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාහ්,

10. මලිත් ජයතිලක,

11. ෆයිසර් මුස්තාපා,

12. ඒ. එච්. එම්. ෆවුසි එම දොළොස් දෙනාය.

ජවිපෙ මෙන්ම එජාපය ද සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් මීට පෙර නම් කර තිබිණ.

එසේ වුවද ජාතික ලැයිස්තුවෙන් පරාජිතයින් කිසිවෙකුටත් පාර්ලිමේන්තුවට පිවිසීමට ඉඩනොදීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය පියවරගෙන ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p