අපිට පුදුම ආකර්ෂණයක් තිබුනේ

August 20, 2015

මහ මැතිවරණයේදී ජනතා විමුක්‌ති පෙරමුණ ලද ප්‍රතිඵලයට වඩා වැඩි ප්‍රතිඵලයක්‌ සිය පක්‍ෂයත්, රටේ ජනතාවත් බලාපොරොත්තු වූ බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එසේ වුවත් ඉතිහාසයේ අන්කවරදාටවත් වැඩි ජනතා ආකර්ෂණයක්‌ දායකත්වයක්‌ තම පක්‍ෂයට මෙවර හිමිවූ බවත් හෙතෙම කීවේය.

පක්‍ෂයේ අඩුපාඩු මොනවාද ආමන්ත්‍රණය කළ යුතු දිශානතීන් මොනවාද යන්න තවදුරටත් සාකච්ඡා කළ යුතුව ඇති බව පැවැසූ හෙතෙම ප්‍රතිඵල කුමක්‌ වුවත් තම පක්‍ෂයට ලබාදුන් ඡන්දයේ වටිනාකම පෙරළා ජනතාව වෙත නිසැකවම හිමිකර දීමට ජනතා විමුක්‌ති පෙරමුණ අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් සඳහන් කළේය.

– දිවයින

Sammy

Previous story Next story

Leave a comment

t

o

p