කුරුණෑගලින් මහින්දට මනාප 423,529ක්

August 18, 2015

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මනාප ඡන්ද ප‍්‍රතිඵලය   මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා    මනාප ඡන්ද     423,529 ලබාගෙන ඇත.

එමෙන්ම  දයාසිරි ජයසේකර මහතා මනාප ඡන්ද   133,532ක් ලබා ගනිමින් දෙවන තැනට පත්ව ඇති අතර මනාප ඡන්ද 82,789ක් හිමි කර ගනිමින් ටී.බී. ඒකනායක මහතා තුන්වන තැනට පත්ව ඇත.

සන්ධාන ලැයිස්තුවේ  තුන්වන ස්ථානයට  පත්වී ඇත්තේ අනුර පි‍්‍රයදර්ශන යාපා වන අතර ඔහුගේ මනාප ඡන්ද සංඛ්‍යාව 77,057කි.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට මනාප ඡන්ද 76,714ක් හිමිව තිබේ.

සාලින්ද දිසානායක මනාප ලැයිස්තුවේ 6 වන ස්ථානයට පත්ව ඇත්තේ මනාප ඡන්ද 54,318ක් ලබා ගනිමින්ය.

ඉන්දික බණ්ඩාරනායක මනාප ඡන්ද 46,356ක් ලබා ගනිමින් 7 වන ස්ථානයට පත්ව ඇති අතර සන්ධාන මනාප ලැයිස්තුවේ 8 වන ස්ථානය මනාප ඡන්ද 43,020ක් හිමි කර ගත් තාරානාත් බස්නායක හිමි කරගෙන ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p