1947 සිට මේ දක්වා පැවැති සාමකාමි මැතිවරණය මෙයයි

August 18, 2015

1947 වසරේ සිට මේ දක්වා පැවැති පාර්ලිමේන්තු මැතිවරණ දෙස බැලිමේදී  අද දිනයේ පැවතියේ මෙරට ඉතිහාසයේ සාමකාමි මැතිවරණය යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද පැවැති මහමැතිවරණයේ ඡන්ද විමසීම ආශ්‍රිතව ඇති වූ තත්ත්වය ගැන විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

පසුගිය ජනවාරී 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාව හා ඊට පෙරත් ඉන් පසුවත් කාලසීමාව දෙස බැලිමේදී මෙම මැතිවරණය පැහැදිලි ලෙසම වෙනසක් පෙන්නුම් කරන බව එම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනූව තමන් ජනාධිපතිවරයා ලෙස පත්වී කරන ලද පරිවර්තනවල ප්‍රතිඵලයක් ලෙස එය හැඳින්විය හැකි බව ජනපතිවරයා සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p