අඩුමිලට කාර් දෙන්න Volkswagen සමඟ ගිවිසුමක් අත්සන් කරයි..

August 14, 2015

ඩොලර් මිලියන 26.5 ක ආයෝජනයකින් ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා ජර්මනියේ Volkswagen මෝටර් රථ සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කරයි.

මේ අනුව, මෙම කර්මාන්ත ශාලාව කුලියාපිටියේ අක්කර 30 ක ඉඩමක ඉදිකරන අතර මේ තුළින් රැකියා 200 ක් ජනිත වන බව ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. ජර්මනියේ විශේෂඥයින් විසින් මෙම කර්මාන්ත ශාලාවේ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවන අතර ඒ තුළින් මෝටර් රථ එකලස් කිරීමට අවශ්‍ය ශ්‍රමය පුහුණු කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අවුරුදු 08 ක බදු සහන ලබාදී තිබෙන අතර ඩොලර් මිලියන 21.5 ක මුදල ආයෝජනය කරන්නේ විදේශීය සෘජු ආයෝජන (direct foreign investment) ලෙස බව සඳහන්ය.

මෙම කර්මාන්ත ශාලාවේ පිහිටුවන පුහුණු මධ්‍යස්ථානයෙන් 2000 ක පමණ පිරිසක් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙන අතර ඔවුන්ට දෙස් විදෙස් රැකියා සඳහා අවස්ථාව විවෘත වනු ඇතැයි අදහස් කර ඇත.

මෙම ගිවිසුමට Volkswagen සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කළේ Volkswagen සමාගමේ දේශීය නියෝජිතයා වන Senok සමූහයයි. (Senok Group)

මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම වසර 02 කින් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන අතර මෙහි වසරකට වාහන 500 ක් පමණ එකලස් කිරීමට අදහස් කර ඇත.

මෙම වාහන ශ්‍රී ලංකාවේ එකලස් කරන නිසා ඒවා ලංකාවේදී වෙනත් රටවල මිලට වඩා අඩුවෙන් අලෙවි කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා සඳහන් කරයි.

– adaderanabiz.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p