මාලකගේ නඩුව පෙබරවාරී දක්වා කල්තබයි

August 13, 2015

රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදුන් බවට චෝදනා එල්ල කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට එරෙහිව ගොනුකර ඇති  නඩුව ලබන වසරේ පෙබරවාරි මස 08 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.

අදාළ නඩුව අද(13)  කැඳවූ අවස්ථාවේ පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තා සියල්ල නීතිපතිවරයාට බාරදී ඇති බවයි.

නීතිපති උපදෙස් ලැබීමෙන් අනතුරුව සැකකරුට එරෙහිව කටයුතතු කිරීමට පියවර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p