බ්‍රිතාන්‍ය උසාවියේ තීරණයෙන් කොටි ඩයස්‌පෝරාව අර්බුදයක

August 12, 2015

යුද අපරාධ චෝදනා එල්ල වූ වෙනත් රටවල හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගෙන නඩු දැමීමේ බලයක්‌ බ්‍රිතාන්‍යයට නැතැයි බ්‍රිතාන්‍ය අධිකරණය ඊයේ (11 දා) ඓතිහාසික තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කළේය.

මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇති බ්‍රිතාන්‍ය රජයත්, ද්‍රවිඩ කොටි ඩයස්‌පෝරාවත් බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තිබේ. බ්‍රිතාන්‍යයට පැමිණෙන වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්‌ දැනට කලක පටන්ම  දියත් වී තිබුණ නිසාය.

යුද අපරාධ චෝදනා ගැන ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගනු ලැබූ රුවන්ඩා බුද්ධි ප්‍රධානි ජෙනරාල් කරෙන්සි කරාතේ සම්බන්ධ නඩු විභාගයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත්වී ඇත.

ජෙනරාල් කරෙන්සි වෙනුවෙන් හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් මහතාගේ බිරිය වූ චෙරි බ්ලෙයාර් මහත්මිය පෙනී සිටියාය.

රුවන්ඩා බුද්ධි ප්‍රධානියා අත්අඩංගුවට ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය සහ ස්‌පාඤ්ඤ ආණ්‌ඩු විසින් එල්ල කළ යුද අපරාධ චෝදනා මතය.

එහෙත් රුවන්ඩා බුද්ධි ප්‍රධානියා බ්‍රිතාන්‍යය තුළ වරදක්‌ කර නැති නිසා ඔහුට එරෙහිව නීතිමය පියවරක්‌ ගැනීමට නොහැකි බව බ්‍රිතාන්‍ය අධිකරණය තීන්දු කර ඔහු මුදාහරින ලෙස නියෝග කර ඇත.

divaina

Sammy

Previous story Next story

Leave a comment

t

o

p