සුදුසු අය පමණක් පාර්ලිමේන්තුවට එවන්න

August 8, 2015

ඉදිරි මහ මැතිවරණයේදී  සුදුසු පුද්ගලයින් පමණක් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට   රටේ සමස්ත ඡන්ද දායකයින්ට මහඟු වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

රටට වැඩකරන, පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂාකරන මන්ත්‍රී මණ්ඩලයක් ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත යුතු බව ජනාධිපතිවරයා කියයි.

තමන්ගේ දැනුම බුද්ධිය සහ අතීත අත්දැකීම් අනුව ජනතාව විසින් එම තෝරා ගැනීම සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වාදෙයි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පෙරවරුවේ පැවැති අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් රචිත ග්‍රන්ථ දෙකක් එළිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලඥයින් තම ප්‍රතිරූපය විනාශ කරගෙන ඇත්තේ ජනතාව වෙනුවෙන් තමන්ගේ යුතුකම් සහ වගකීම් නිසි ලෙස  ඉටු නොකිරීම නිසා බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p