කොළ නිල් දේශපාලනය අවසන් කරමු

August 7, 2015

කැපුවත් කොළ කැපුවත් නිල් දේශපාලනය අවසන් කල යුතු බව අනුර කුමාර් දිසානායක මහතා පවසයි. ඒමහතා මේ බව පවසා සිටියේ පසුගිය 04වදා තංගල්ල නගරයේ පැවති ජන රැලියකට සහභාගී වෙමින්ය.

 

වෑඩි දුරටත් අදහස් දෑක්වු අනුර කුමාර දිසානායක මහතා.

 

“රටට වුණු විනාශය තමයිකැපුවත් කොළ. කැපුවත් නිල් කියලා ඡන්දෙ දුන්නු එක. දිනන පැත්තට විරුද්ධ පැත්තෙ ගෙවල්වලට ගල් ගැහුවා. හූ කිවුවා. රතිඤ්ඤා දැම්මා. අපි බෙදුණා. ඒත් එයාලා කවදාවත් බෙදුණෙ නැහැ. එයාලා එකට කෑවා බිව්වා. ආවාහ විවාහ වුණා. අපි ගම්වල රණ්ඩු වුණා. අපිව බෙදුණා. මේ කැපුවත් කොලකැපුවත් නිල් දේශපාලනය අවසන් විය යුතුයිඅවසන් කළ යුතුයි. රටේ තිබෙන තත්වය තේරුම් අරගෙන ඡන්දයක් දෙන්න ඕනෑ. අපේ ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය බලය තියෙන්නෙ ජනතාව අතේ. අගෝස්තු 17 ඒ බලය අපි තාවකාලිකව අවුරුදු 05කට කණ්ඩායමකට දෙන්න යනවා. දැන් බලය තියෙන්නෙ ජනතාව ගාව. ඒ නිසා ඒ බලය ඉල්ලගන්න වැඳගෙන පස්සෙන් එනවා. විවිධ දේ බෙදනවා. බිරිඳපුතාලා ඔක්කොම ගම් අස්සෙ රිංගනවා. ඒ ජනතාව ළඟ තියෙන බලය ඉල්ලගන්න. තමන් ගාව තියෙන බලය එයාලට දුන්නොත් ජනතාවට සිද්ධ වෙනවා අගොස්තු 17න් පස්සෙ එයලා පස්සෙ යන්න.” 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p