තාත්තා වගේ මාව ඉවත් කරන්න ජනතාව ඉඩ දෙන්නෑ

August 7, 2015

බර්ටිව මරා ගෙන බර්ටිව දේශපාලනයෙන් ඉවත් කරා වගේ බර්ටිගේ පුතාවත් මේ දේශපාලනයෙන් අයින් කරගෙන පාලු ගෙදර වලන් බිදින්න හිතාගෙන හිටියාට ජනතාව ඒකට කවදාවත් ඉඩ දෙන්නේ නෑ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (06) ගනේවල්පොල පැවති ජන හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කර සිටියේය.

කොන්ද පණ නැති අනුරාධපුර සමහර නායකයෝ වගේ ඉන්න පිරිස් මාත් එක්ක හැප්පෙන්න බැරි කමට දුමින්ද දිසානායක මේ මහා මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයට යනවා කියලා ජනතාව අතර බොරු ප්‍රචාර යවලා මනාප අහුලමින් සිටිනවා.අපි ඔවුන්ට මතක් කරලා දෙන්න කැමතියි මම බර්ටිගේ පුතා කියන එක, බර්ටි දිසානායක අනුරාධපුර හදපු දේශපාලන පිටියේ අද බර්ටි නැතිව බල්ටි ගැහුවට තාමත් බර්ටිගේ ලෙයින් ඉපදුණු බර්ටිගේ පුතා මේ දේශපාලන පිටියේ ඉන්නවා කියන එක මතක තියා ගන්න.බර්ටිව මරා ගෙන බර්ටිව දේශපාලනයෙන් ඉවත් කරා වගේ බර්ටිගේ පුතාවත් මේ දේශපාලනයෙන් අයින් කරගෙන පාලු ගෙදර වලන් බිදින්න හිතාගෙන හිටියාට ජනතාව ඒකට කවදාවත් ඉඩ දෙන්නේ නෑ.මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට පොරොන්දු වෙනවා මම බර්ටි නවත්තපු තැනින් මේ අනුරාධපුර සංවර්ධනය නැවත ආරම්භ කරනවා.

මාව මේ පක්ෂයෙන් දුම්මල ගහලවත් කාටවත් එළවන්න බෑ, මාව මේ පක්ෂයෙන්එලෙව්වත් මම අගුපිලේ ඉදලා හරි මාව එලවපු එකා ගියාට පස්සේ මම ආයෙත් පක්ෂයට එනවා.මම කවදාවත් එක්සත් ජාතික පක්ෂයට යන්නේ නෑ.මගේ අනාගතය, රටේ අනාගතය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළයි.

මම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දෙනවා.ඒ වගේම 113 කට වැඩි බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය එළැඹෙන 18 වැනිදා ආණ්ඩු පිහිටුවනවා.එදිනට අන්ත පරාජයක් ලබන එක්සත් ජාතික පක්ෂයට මම යන්නේ නෑ,මගේ පියා ඇතුළු පක්ෂ ජේෂ්ඨ‍යෝ ගොඩ නැගූ පක්ෂය විනාශ වීමට මම කවදාවත් ඉඩ තියන්නේ නෑ.එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සිදු වූ අසාධාරණයන්ට, පක්ෂයෙන් සිදු වූ වැරදි වලට කළකිරිලා පක්ෂයෙන් ඈත් වුණ සියලුම දෙනාට නැවත පක්ෂය ගොඩ නගන්න එක්වන්න කියලා මම ආරාධනා කරනවා.කිසිම බයක් සැකක් ඇති කරගන්න එපා නියත වශයෙන්ම ඉදිරියේ පිහිටුවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක්.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p