ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නේ මෙහෙමද ?

August 6, 2015

හෑමෝම අද වන විට කතාකරනවා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙලා තියනවා කියලා.ඒත් අපි අහන්නේ යාපනේ, මඩකලපුව, හා වන්නි දිස්ත‍්‍රික්ක වල ඉන්න අපේ අපේක්ෂකයන්ට රජයේ ආරක්ෂක අංශ මගින් භාදා සිදු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසාද ?

අද 06 දින මරදානේ පෑවති මාධ්‍ය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ශයේ පුබුදු ජයගොඩ මහතා  මෙසේ පෑවසීය . මෙම මාධ්‍ය හමුව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂිකා, හේමමාලි අබේරත්න සහ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක ප‍්‍රියන්ත චන්ද්‍රකුමාර යන අය සහභාගීවිය.

 

වෑඩි දුරටත් අදහස් දෑක්වු පුබුදු ජයගොඩ මහතා

 

”මඩකලපුවේ අපේක්ෂක පද්මනාදන් ජෙයරාජි කරදියනාරුගේ නිවසට ගොස් ඔහු පොලිසියට කැඳවා අහලා තියෙන්නේ ඔහුගේ පෞද්ගලික තොරතුරු හා පක්ෂය හා සම්බන්ධ වූ ආකාරය ආදිය. මෙහදී පොලීසිය කියන්නේ ඔවුන්ට එසේ කිරීමට අයිතියක් ඇති බවයි. නමුත් මෙහෙම කරන්නේ උතුරු නැගෙනහිර අපේ පක්ෂයේ අයගෙන් විතරයි. මේක විශාල ප‍්‍රශ්නයක්. දැන් එහෙම කියන පොලිසිය අයට සිදු වෙන මරණ තර්ජන ගැන මොණවත් කරන්නේ නෑ. පසුගිය දවසක ඊපීඞීපී සංවිධානයේ පිරිසක් අපේ පාක්ෂිකයන්ගේ නිවෙස් වලට ගිහින් කියලා තිබුණේ. මිනිස්සු සීයක් දෙසීයක් පෝලිම් තියලා මරපු අපිට උඹලට එහෙම කරන එක ප‍්‍රශ්නයක් නෙවෙයි කියලා. ආයුධ සන්නද්ධව තමයි ඒ අය දේශපාලනය කරන්නේ. අපේ ලලිත් කුගන් සහෝදරවරු පැහැරගත්තේ අධි ආරක්ෂක කලාපයක් ඇතුලේ අපි අහනවා ඒවාට ගත්ත ක‍්‍රියාමාර්ග මොණවද කියලා. මේක දේශපාලනය කිරීමේ අයිතිය පිළිබඳ ඇතිවෙලා තියෙන බරපතල තත්ත්වයක්.  ඔන්න ඔහොම තමයි දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නේ.
ප‍්‍රචාරක වැඩ කරද්දී. මුදල් අධික ලෙස වියදම් කරන මැතිවරණ ප‍්‍රචාරණයන්ට  ඕන තරම් අවස්ථාව තියෙනවා. අපිට තියෙන්නේ පොඩි ලොරි කට්ටක්, වෑන්කට්ටක් ත‍්‍රී විල් එකක් වගේ ඒවගෙන් තමයි අපි ප‍්‍රචාරක කටයුතු කරන්නේ. පොලිසිය කියනවා, අපේක්ෂකයන්ට මේවගේ යන්න බෑ කියලා. අපිට ලොකු වාහන නෑ. අපි තියන රැුස්වීම් උනත් කරන්නේ මිනිස්සු රැුස්වෙන තැන් වලට ගිහින් කතා කරන එක. ඒවට අවසර ගන්න ගියාම පොලිසියෙන් විශාල වශයෙන් නොයෙක් කරුණු කියලා භාදා කරනවා. මීගොඩ ආර්ථික මධ්‍යස්තානේ රැුස්වීමක් කරන්න ගියාම අපිට කියනවා ප‍්‍රදේශවාසීන් 10කගෙන් අත්සන් අරන් එන්නකියලා. කෑගල්ලේ පසුගිය 6 දා පැවැති රැුස්වීමක පෝස්ටර් අලවපු අපේ ක‍්‍රියාකාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඇලෙව්වේ රැුස්වීම් පෝස්ටර් ඒවගේ ඡුන්ද ලකූණුත් නෑ. අනිත් පක්ෂ වල වගේ මූනු දාලත් නෑ. පොලිසියෙන් මැතිවරණ නිරීක්ෂකයෝ ඇහුවම ඇයි කියලා පොලිසිය කියලා තියෙන්නේ ඒකෙ කථිකයන්ගේ නම් තිබුණා කියලා. අපි කියන්නේ එක්කෝ පොලිසිය මැතිවරණ නීතිය දන්නේ නෑ. නැත්නම් මේක හිතා මතාම අපේ දේශපාලනය නවත්වන්න කරන දෙයක්.
මහනුවරදී අපේ දෙදෙනෙක්ට පහරදීමක් කරලා තිබුණා. එහෙම කරන ප‍්‍රධාන පක්ෂ වල පාක්ෂිකයන්ට අපි කියනාවා අපිට ගහලා වැඩක් නෑ. මොකද 18 පස්සේ අනිවාර්යෙන් එන්නේ සමගි සන්ධාන ආණ්ඩුවක් කියලා හැමෝම කියනවා. ඒ නිසා ඒ ගැන අවබෝදෙන් රැුවටෙන්නැතිව ඉන්න කියලා. ජේවීපී එකේ ලාල් කාන්ත මහත්තයා කියලා තිබුණා ප‍්‍රධාන පක්ෂ වල ඉන්නේ ගෙම්බෝ කියලා. අපි කියනවා ප‍්‍රධාන පක්ෂ වල විතරක් නෙවෙයි. ඔය උගත් බුද්ධිමත් ජාතික ලයිස්තුවක් තියෙනවා කියන ජනතා විමුක්ති පෙරමුණේ අයත් එහෙමයි. උදාහරණයක් කියනවානම් පසුගිය දිනක උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ නීතීඥ හමුවක් සඳහා පත‍්‍රිකාවක් ගෙවල් වලට යවලා තිබුණා. ඒකේ  සම්බන්ධීකරණයට දාල තිබුණ නම් ලිස්ට් එකේ අංක එකට ඉන්නේ නීතීඥ උපුල් කුමාරප්පෙරුම. එයා ජවිපෙ ජාතික ලයිස්තුවේ ඉන්න කෙනෙක්. සරත් මායාදුන්නේ මහත්තයා පසුගිය දිනෙක මහරගම විජේදාස රාජපක්ෂ මහත්යාගේ රැුස්වීමක ඔහු වෙනුවෙන් කථිකයෙක් විධියට ඇවිත් තිබුණා.
ඒ හින්දා අනුර දිසානායක මහත්තයා කියනවා වගේ ඊලග ආණ්ඩුවේ අය කව්ද දැනගන්න යන්න  ඕන ශ‍්‍රී ල නි ප කාර්යාලෙට නෙවෙයි. අරලියගහ මන්දිර ගේට්ටුව ගාවට. පසුගිය දවස්වල පිහිටවලා තිබුණා වංචා¥ෂණ විමරණන ඒකකයක් ඒකට කතා කලාම කියන්නේ සුබ උදෑසනක් අරලියගහ මන්දිරය කියලා. පැමිණිලි කරන්න තියෙන්නේ ආර් ඒ දි මැල් මාවතේ තියෙන කාර්යාලෙට ඒකේ අධ්‍යක්ෂක ඉන්නේ අනුර දිසානායක මහත්තයා අමති කාලේ හිටපු ලේකම්. ආණ්ඩුවෙන් වංචා දුෂණ හොයන් පත් කරපු ඒකකයේ ඉන්න එකම දේශපාලඳයා අනුර දිසානායක මහත්තයා.
ඒ නිසා අපි කියන්නේ දැන් මේ හැදෙන්න යන්නේ අලූත්ම පන්නයේ සභාගයක් කලින් තිබුණ විධිය ඒකක් නොවෙයි. ඒ නිසා අපි කියන්නේ මේ රටේ ජනතාව බෙදිලා එක එකා ගහ මරා ගන්න එපා මේ චන්දෙදි මේ ඔක්කොම අන්තිමේ එකතුවෙනවා. මිනිස්සු අනාත වෙනවා කියලා. ඒ හින්දා සැබෑ වෙනසක් සඳහා වමේ බලයක් ශක්තිමත් කරන්න කියලා. දැන් මාලබේ වෛද්‍ය විද්‍යාලටය අවසර දෙන්න යනවා. ජලය විකිණීමට අදාල පනතක් ඇවිත් තියෙනවා. පරණ වැඩ ටික ඒ විධියටම යනවා. රාජපක්ෂද රනිල්ද අනුරද සම්බන්ධන්ද හකීම්ද මේ ඔක්කොම එකම බෝට්ටුවේ ඒ නිසා අපි කියනවා දැන් මිනිස්සු අලූත් බලයක් හදන්න මැදිහත්වෙන්න කියලා. ඒක නිසැකවම වමේ බලයක්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p