බටලන්ද අතීතය සිහිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා

August 6, 2015

වෙනසක් බලාපොරොත්තුවෙන් ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ ජනතාවට මේ මො‍හොතේ බටලන්ද අතීතය සිහිපත් කරන ලෙස තමන් ඉල්ලන බව එජනිස මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ නිසා මෙවර මහමැතිවරණයේදී ඉතාමත් කල්පනාවෙන් ඡන්දය භාවිතා කරන ලෙස තමන් ඉල්ලා සිටින බව සන්ධාන මහලේකම්වරයා කියා සිටියේ අද(05) කොළඹ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

උතුරෙන් ඇවිත් කුරුණෑගල ඡන්දයට ඉදිරිපත්ව සිටින එම්.කේ ශිවාජිලිංගම් ද්‍රවිඩ ජාතික සන්ධානයට අවශ්‍ය වන්නේ ෆෙඩරල් ක්‍රමයක් බව අවධාරණය කර ඇති බවත්, එය නොදුන්නහොත් එක්සත් ජාතීන් හරහා ලබාගන්නා බව පවසා ඇති බවත් ප්‍රේමජයන්ත මහතා සිහිපත් කළේය.

එසේම එක්සත් ජාතික පක්ෂයෙන් යාපනයට තරග කරන අපේක්ෂිකාවගේ පෝස්ටර් මුද්‍රණය කර ඇත්තේ පසුබිමේ ඊලාම් සිතියම දැක්වෙන ලෙස බවත්, මෙයින් පෙනී යන්නේ රට බෙදුම්වාදයට ගෙනයාමට මොවුන් දරන උත්සාහය යයිද හෙතෙම අවධාරණය කළේය.

චම්පික රණවක මහතාට තමා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන බව කීමට ලජ්ජාවක් හටගෙන ඇති බැවින් එක්සත් ජාතික පෙරමුණ යනුවෙන් භාවිතා කරන බවත්, එහෙත් සැබෑවටම එහෙව් පක්ෂයක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

චම්පික රණවක මහතා එජාප‍යෙන් ඡන්දය ඉල්ලීම සම්බන්ධයෙන් කේ.ඩී ලාල්කාන්ත මහතාද තමාට වමනයට එන බව පවසා ඇති බවත්, ලාල්කාන්තට එහෙම වන විට ශ්‍රීලනිප අයට කොහොම විය යුතුදැයි ප්‍රේමජන්ත මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p