හින්දු පුරා වස්තුවක් රත්නපුරෙන්

August 6, 2015

රත්නපුර හිදැල්ලන පැරඩයිස් වත්තේ අඩි 150ක් පමණ යටින් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති බව කියන ශිව ලිංගයක් ගොඩගත් බවරත්නපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි. පතලක් හාරන අතරතුරදී මෙය සොයා ගෙන ඇතැයි කියති.

ටොන් දෙකක් පමණ බර ඇති කළුගලක නෙලා ඇති මෙම ශිව ලිංගය රත්නපුර ඊශ්වර කෝවිලේ තබා ඇත.

හින්දු ආගමේ පූජා වස්තුවක් ලෙස සැලකෙන එම ශිව ලිංගය එතරම් යට යාමට ඇත්තේ අතීතයේ සිදුවූ නායයාමකින්දැයි සැකයක් මතුවී ඇත.

මැණික් ගල්ද එහි ඔබ්බවා තිබිණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p