දේශපාලන පඟර නැට්ටා

August 6, 2015

මම හැප්පෙන්නවා නම් හැප්පෙන්නේ දේශපාලනයේ ලොකු මිනිස්සු එක්ක විතරයි. රනිල්, සජිත් වගේ අය එක්ක නම් වාද විවාද වුණත් අවුලක් නෑ. මේ බන්දුලාල් බණ්ඩාරගොඩ කියන පඟර නැට්ටා එක්ක පැටලෙන්න මට වැඩක් නැහැ.

මේ තුන්වැනි පන්තියේ පඟර නැට්ටා එනවා එයාට ප‍්‍රසිද්ධ වෙන්න ඕනවට මාව අල්ලාගන්න. ඒවාට මම ලෑස්ති නෑ. මම උත්තර දෙන්නේ වැදගත් කෙනෙක් කියන ඒවාට විතරයි. මේ දෙකයි පනහේ ‍පොරවල් කරන්නේ අපි වගේ අයට මොනවා හරි කියලා අපි ඒකට උත්තර දෙයි කියලා බලන් ඉන්නවා. ඊට පස්සේ ඒක ප‍්‍රසිද්ධ කරගන්න. මම නම් ඕවාට අහුවෙන්නේ නෑ.

ජනවාරි 8 වැනිදා වුණ වෙනස නිසා අද මිනිස්සු උස්සලා ‍පොළොවේ ගහලා වගේ. වුණේ මොකක්ද කියලා හිතාගන්න බෑ. වෙනස් කරන්න ගිය අයටත් දැන් තේරිලා තියෙනවා වෙනසේ රෙඟ් මොකක්ද කියලා. අද මහින්ද නැතිව මේ රට යන්න බෑ කියන එක අද සක්සුදක් සේ පැහැදිලියි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p